0 %

කට වඩා දුප්පත් ග්‍රාමීය පාසල් අධ්‍යාපනය අවසන් නොකරයි.

0 K

වැඩි සිසුන් ප්‍රමාණයක් සෑම වසරකම පාසල් අධ්‍යාපනයෙන් ඉවන් වේ.

0 %

ක පමණ ගුරුවරුන්ට පමණක් උපාධියක් ඇත.

0 %

ක පමණ් සිසුන්ට විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ඉංග්‍රීසි හා ගණිතය(STEM) වැනි විෂයයන් ඉගැන්වීමට පාසල් වල පහසුකම් නොමැත.

ටීච් ෆස්ට් ශ්‍රී ලංකා Teach First Sri Lanka(TFSL) යනු ශ්‍රී ලාංකීය පාසල් අධ්‍යාපනයේ පවතින අර්බුදයන්ට මුල් වී ඇති ප්‍රධාන හේතු වලට පිළිතුරු සෙවීම අරමුණු කරගත් සමාජ සුභසාධන ආයතනයකි.

අපගේ මෙහෙවර නම් සිසු ප්‍රජාව, ගුරුවරුන් සහ දෙමාපියන් සවිබල ගන්වා, සාමූහික නායකත්වය තුළින් අධ්‍යාපනයේ වෙනසක් ඇති කර, සියලුම දරුවන් හට කුමන පසුබිමකින් පැමිණිය ද ඔවුන්ගේ දක්ෂතා මල්ඵල ගැන්විය හැකි වන උසස් ගුණාත්මක අධ්‍යාපනයක් සහිත ලොවක් නිර්මාණය කිරීම යි.

පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් සමාජයේ උදව් අවශ්‍යම දරුවන්ට බොහෝවිට මගහැරෙන බව අපි හොදින් දන්නා කරුණකි. ඒ දරුවන් හට තම අපේක්ෂා සපුරාගෙන දිගුකාලීන සාර්ථකත්වය සදහා අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් විශේෂ සහය සහ මග පෙන්වීම ලබාදීමට අපි ඇප කැප වී සිටිමු. තවද අපගේ සාමුහික උත්සාහය තුළින් එක දරුවන්ගේ වෙනසක් ඇතිකරලීමට හැකියාවක් ඇති අතර, පවතින අධ්‍යාපනය ක්‍රමය නිවැරදි මගකට යොමු කිරීම සදහා ඔබගේ දායකත්වය බලාපොරොත්තු වෙමු.

.=rejrfhl=f.a igykla

හිතවත් මිතුරනි,

ටීච් ෆස්ට් ශ්‍රී ලංකා (Teach First Sri Lanka) වෙබ් අඩවියට පිවිසීම සම්බන්ධයෙන් සහ ළමා අධ්‍යාපනය නැංවීමේ අපගේ උත්සාහයට ඔබත් එකතුවීම පිළිබඳව අතිශයින් ස්තූතිවන්ත වන්නෙමු.

අපගේ ඉරිතලා ගොස් ඇති අධ්‍යාපන ක‍්‍රමයේ පැලූම් රේඛා සුව කිරීමට එකමුතුව එකම අරමුණකින් දීර්ඝ කාලීන උත්සාහයක් ගතහොත් අපට සැබෑ වෙනසක් ඇතිකිරීමට හැකි වන බව අපි තරයේ විශ්වාස කරමු.

ටීච් ෆස්ට් ශ්‍රී ලංකා (Teach First Sri Lanka) මෙහෙවරට ජීවය ලබාදෙන්න අපට ඔබගේ උදව් අවශ්‍යයි.

අපි ලොවින් ඉගෙනගත්ත ද, මව්බිම මූලික කරගෙන ඇත්තෙමු

ඉතා නිවැරදි සහ උසස් තත්ත්වයෙන් යුතුව ලොව පුරා අපගේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ඉන්දියාව, මැලේසියාව සහ නේපාලය යන ශ්‍රී ලංකාවට සමාන වූ ගැටළුකාරී තත්ත්වයන් ඇති රටවල මනා සාර්ථකත්වයක් ලබා ඇත. එම සාර්ථකත්වය මූලික කරගෙන  ශ්‍රී ලංකාවේ පහසුකම් හිග ග්‍රාමීය පාසල් සහ පන්තිකාමරවල අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාකරනු ඇත.

ගුරුවරයෙකු ලෙස දරුවන්ගේ ජීවිත වෙනස් කර,
නායකයෙකු ලෙස ඔබේ ජීවිතය වෙනස් කරගන්න.

ටීච් ෆස්ට් ශ්‍රී ලංකා (Teach First Sri Lanka) එක්ව, ලාංකීය දරුවන්ගේ අධ්‍යාපනයට රුකුලත් වී, ඔබගේ වෘත්තීය දිවියට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගන්න.

අපගේ හවුල්කරුවන්

මිනිසුන් මිනිසුන්ට උදව් කරන විට,
වෙනසක් සිදු වේ

ශ්‍රී ලංකාවේ දරුවන්ට ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමට ඔබට අපට උදවු කළ හැකි ක්‍රම කිහිපයක් තිබේ.

ඔබට සාමාජිකයෙකු ලෙස ඔබේ කාලය සහ දැනුම පරිත්‍යාග කළ හැකිය, දරුවෙකුගේ අධ්‍යාපනයට හෝ TFSL ව්‍යාපෘති සඳහා මූල්‍යමය වශයෙන් ආධාර කළ හැකිය, නැතහොත් ඔබේ සහයෝගය සහ ප්‍රවීණත්වය බෙදා ගැනීමට TFSL සමඟ ඔබේ සංවිධානය හවුල් කර ගත හැකිය.

අපගේ ව්‍යාපෘති පිළිබඳව යාවත්කාලීනව සිටීමට TFSL පුවත් පත්‍රිකාවට දායක වන්න.

පරිත්‍යාග
කරන්න

ස්වෙච්ඡාවෙන්
ඉදිරිපත් වන්න

අප සමඟ
වැඩ කරන්න