අපේ කණ්ඩායම

අපි විවිධ පසුබිම් සහ බහුවිධ කුසලතා වලින් එන බොහෝ අත්දැකීම් ඇති අධ්‍යාපනඥයින් සහ ප‍්‍රතිපත්ති හැඩගස්වන අය වෙමු. වෙනසක් කිරීමට ඇති ආශාව ක‍්‍රියාවෙන් සවිබල ගන්වන විට වෙනසක් ඇතිකල හැකි බවට අපි තරයේ විශ්වාස කරන්නෙමු. අපේ අරමුණ නම් සැමට එකසේ සමානව ලැබෙන ගුණාත්මක බවින් යුත් උසස් අධ්‍යාපනයක් ලංකාවේ දරුවන්ට ලබා දීමයි.

zv2kXzAA
ඩේවිඩ්
බෝහම්
ආරම්භක අධ්‍යක්ෂ
DSC_7883
ලිලානි
මුණසිංහ
ආරම්භක අධ්‍යක්ෂ
PofBW08A
ජෙරෙමි
ද සිzල්වා​
ප්‍රධාන වැඩසටහන් නිලධාරී
DSC_7904
චරිත්
අබේරත්න
අධ්‍යක්ෂක
DSC_7934 (1)
ආචාර්ය නිර්මාල්
ද සිල්වා
අධ්‍යක්ෂ
SJS
ෂෙරංගි ජේ සෙනෙවිරත්න
අධ්‍යක්ෂිකා
DSC_7981 (1)
ඩෙබ්
එදිරිසිංහ​
අධ්‍යක්ෂිකා
DSC_8100 (1)
ආචාර්ය ටාරා
ද මෙල්
අධ්‍යක්ෂිකා

මිනිසුන් මිනිසුන්ට උපකාර කරන විට,
වෙනසක් සිදු වේ

DSC_8082 (1)

ඩේවිඩ් බෝහම්

ආරම්භක අධ්‍යක්ෂ

ඬේවිඞ්, සෑම විටම සුභ පැත්ත දකින බොහෝ අද්දැකීම් ඇති අධ්‍යාපනඥයෙක් සහ ගුණාත්මක අධ්‍යාපනය වෙනුවෙන් කතාකරන්නෙකු වේ. ඔහු බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපලේ සාර්ථක වෘත්තියක් අත්හැර ගණිතය උගන්වන්න තිබූ ආශාව හේතුවෙන් නිව්යෝක් නගරයේ පාසලකට ඇතුලත් වුණි. නමුත් ඔහු ලංකාවේ ඉගැන්වීම් කටයුතු සිදුකරන අවදියේදී රටෙහි අධ්‍යාපන ක්‍රමය දියුණු කිරීමට දැඩි අවශ්‍යතාවයක් පවතින බව හඳුනා ගත්තේය. ඔහු එම අභියෝගය ජය ගැනීමේ අරමුණින් ටීච් ෆස්ට් ශ්‍රී ලංකා Teach First Sri Lanka (TFSL) ආයතනය ආරම්භ කරන ලදී. ඔහු අධ්‍යාපනය යනු සෑම ළමයෙකුගේම මූලික අයිතිවාසිකමක් බව විශ්වාස කල අතර එතුලින්, අනාගත නායකයින්ට ආයෝජනය කිරීමට සහ වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කිරීමේ ඇති වැදගත්කම හඳුනා ගත්තේය. ඬේවිඞ්ගේ ගුරු අද්දැකීම් වලට අමතරව ඔහු මූල්‍ය තාක්‍ෂණය සහ උපාය මාර්ගික උපදේශණ ක්ෂේත‍්‍ර වල ඉහළ නායකත්ව තනතුරු දරා ඇති අතර ඔහු දැනට කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ කීර්තිමත් තාක්ෂණ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරනු ලබයි.

DSC_7896 (1)

ලිලානි මුණසිංහ

ආරම්භක අධ්‍යක්ෂ

ලිලානි මුණසිංහ නම් වූ ඇය, අත්දැකීම් වලින් පරිපූර්ණ අධ්‍යාපනඥවරියක්, උපදේශකවරියක්, සහතික ලත් ගුරු පුහුණුකාරිණියක් සේම දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවකි. ලංකාව පුරා පන්තිකාමර වල දශක දෙකකට වඩා අත්දැකීම් සහිත ලිලානි මහත්මියට දරුවන් සමඟ කතාකිරීමේ දී සංවේදී විද්‍යාත්මක පදනමක් ඇති නිසා ඇය ප්‍රසිද්ධියට පත් විය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල පවතින අභියෝග හමුවේ වුවත් ලිලානි ප්‍රායෝගිකව සුභවාදීව සෑම දෙයක් දෙසම බලන්නේ හැම දෙනාටම වඩාත් හොඳ අවස්ථා ලැබේවි යන විශ්වාසයෙන් යුතුවයි. ඇය කොළඹ දී පෙර පාසල් අධ්‍යාපනය තුළ ඇගේ වෘත්තීය ආරම්භ කල අතර, විවිධ උපදේශන තනතුරු වලින් ඉහළ පන්ති වලට ඉගැන්වීම සිදු කලාය. ඇගේ පුළුල් අත්දැකීම් වලට අමතරව ලිලානිට ළමා මනෝවිද්‍යාව පිළිබඳ පසුබිමක් පැවතුණි. ඇය ඒ දැනුම ඇගේ ඉගැන්වීම් සඳහා යොදාගත් අතර එමඟින් ඇයගේ සිසුන්ගේ චින්තවේගි අවශ්‍යතා සපුරාලීමට සමත්විය. ඇය දැනට කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස කටයුතු කරන අතර ඊට පෙර ඇය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරියක් ලෙස මහඟු සේවයක් කර ඇත.

DSC_8000

ජෙරෙමි ද සිzල්වා

ප්‍රධාන වැඩසටහන් නිලධාරී

ජෙරම් ද සzල්වා, අධ්‍යාපන ක්ෂේත‍්‍රයට පැවති ආශාව හේතුවෙන් බැංකුකරණ වෘත්තියෙන් ද ඉවත් වූ අයෙකි. Next Campus හි දී ඔහු වැඩසටහන් බෙදා හැරීම පිළිබඳව වටිනා අත්දැකීම් ලබා ගත් අතර ඔහු දේශීය හා විදේශීය අධ්‍යාපනය අතර සැළකිය යුතු පරතරයක් ද හඳුනා ගත්තේය. මේ හේතුවෙන් ඔහුව ටීච් ෆස්ට් ශ්‍රී ලංකා Teach First Sri Lanka (TFSL) වෙත හඳුන්වා දෙන ලදී. මෙහිදී ඔහු සංවිධානයේ මෙහෙයුම් සහ උපදේශකයෙකු ලෙස ඉතා වැදගත් කාර්ය්‍යයක් ඉටු කලේය. මීට අමතරව ඔහු ස්වේච්ඡාවෙන්ම Hype Sri Lanka  සමඟ එක්ව ඇති අතර PeaceX Fellowship වැඩසටහනට ද සහභාගි වී ඇත. ජෙරමි විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් හදාරා ඇති අතර ඔහු අධ්‍යාපන සංවර්ධනය පිළිබඳව අඛණ්ඩව ඉගෙනීමේ කටයුතුවල නිරතව සිටී.

 

DSC_7914

චරිත් අබේරත්න

අධ්‍යක්ෂ

චරිත් අබේරත්න යනු ළමා අධ්‍යාපනය සඳහා උදව් කිරීමට විශාල උනන්දුවක් තියෙන ධනාත්මක යථාර්තවාදියෙකි. ඔහු එක්සත් රාජධානියේ Teach First UK හි උගන්වන අවදියේ හොඳින් පුහුණු වූ සංවේදී ගුරුවරුන්ට පන්තිකාමරය ඇතුලතත් ඉන් පිටතදීත් සමාජයේ වඩාත්ම අවදානමකට ලක්වන දරුවන්ට කලහැකි පරිවර්තනීය බලපෑම් සියැසින්ම දුටු චරිතයකි. චරිත් මුලදී නීතියට සම්බන්ධ වෘත්තියක් හඹා ගියත්, සහායත්වයේ දී ඔහු ලැබූ අත්දැකීම් ඔහුගේ ඉදිරි දර්ශනය වෙනස් කර ඔහුගේ සැබෑ ආශාව සොයාගැනීමට ඔහුට සහය වුණි. ඔහු මෙම ආකෘතියට වැඩකරන ආකාරය තමන්ම දැක ඒ පිළිබඳව මුලූ හදවතින්ම විශ්වාස කල කාර්ය්‍යශූර ගුරුවරයෙකි. චරිත් ගරුවරු සිසුන් සහ දෙමාපියන් තුල ඇති සබඳතා ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ, මේ සබඳතා සමඟින් එකට වැඩකරන විට එය දරුවාගේ සමස්ත යහ පැවැත්මට ප්‍රයෝජනවත් බව තරයේ විශ්වාස කරනා බැවිණි. ගුරු වෘත්තියෙන් පිටත චරිත් ලන්ඩනයේ ඩෙලොයිට් හි කෘතිම බුද්ධිය සහ දත්ත පිළිබඳව උපදේශකයෙකු ද වන්නේය.

DSC_7942 (1)

ආචාර්ය නිර්මාල් ද සිල්වා

අධ්‍යක්ෂ

අචාර්ය නිර්මාල් ද සිල්වා යනු අධ්‍යාපනයේ වැදගත්ම සහ වටිනාම ගවේෂකයෙකි. වෘත්තීය ජීවිතයේ සැළකිය යුතු කොටසක් කැප කල දූරදශී නායකයෙකි. Global Entrepreneurship Network Sri Lanka  ඔහුගේ වර්තමාන භූමිකාව වේ. ඔහු ඉගැනීම සහ නිවැරදි මානසිකත්වය වර්ධනය කිරීම ගැන අවධානය යොමු කරන විෂය මාලාවක් නිර්මාණය කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කලේය. අචාර්ය නිර්මාල් ද සිල්වා වෙනසක් සඳහා උනන්දු වී, සමස්ත සමාජයේ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට ජීවිතයේ සෑම තරාතිරමක පුද්ගලයන් පොළඹවා ගැනීමට කැපවී සිටී. සම්මානලාභී උපාය උපදේශකයෙකු ලෙසද   SME උපදේශකයෙකු, ආයෝජකයෙකු සහ සහකාර මහාචාර්යවරයෙකු ලෙසද Fortune 500 සමාගම්වල ඇතුළුව ඉහල නායකත්ව භූමිකාවන් හි වසර 20 කට අධික පළපුරුද්දක් ඇති ආචාර්ය නිර්මාල් ද සිල්වා, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විවිධ ආයතනවල මණ්ඩලවල සේවය කර ඇත.

SJS_1

ෂෙරංගි සෙනෙවිරත්න

අධ්‍යක්ෂිකා

ෂෙරංගි, සන්නාම සහ සන්නිවේදන උපායමාර්ග ක්ෂේත්‍රයේ ඉතා පළපුරුදු වෘත්තීයවේදිනියක් වගේම, තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටින, කැපවීමෙන් ගුරුහරුකම් ලබා දෙන, අගනා චරිතයක්. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට ඇය සුපතල දෙස් විදෙස් සන්නාම වලට තම සන්නිවේදන මාර්ග වැඩිදියුණු කරගනිමින්, ප්‍රජාවන් සමඟ අර්ථවත් සම්බන්ධතා ඇති කර ගන්නා ආකාරය ගැන උපදෙස් ලබා දුන්නා. ඇගේ වැඩකටයුතු වලට ජීවය දෙන්නේ සමාජයේ විවිධ ප්‍රජාවන් වඩා හොඳින් තේරුම් ගැනීමට ඇයට ඇති උවමනාව වගේම, අපි කවුරුන් කොහේ, කොහොම සිටියත්, අපිට පුළුවන් තරමින් ලොවට යහපතක් සිදුකරන්න දායක වීමට ඇති හැකියාවයි. ධනාත්මක වෙනසක් ඇති කිරීමට ඇයගේ මේ කැපවීම ඇගේ වෘත්තීය ප්‍රයත්නයන්ගෙන් ඔබ්බට විහිදෙනවා. ඇය‍ වගකිවයුතු ආකාරයෙන් වෙළඳ සන්නාම භාවිත කිරීම ගැන වෘත්තිකයන් දැනුවත් කරන අතර, කරුණාවෙන් සහ අවබෝධයෙන් නායකත්වය කළ යුතු බවත්, වෙනස්කම් සිදුකිරීමේදී සියළු දෙනා සහ සියළු දේට ඇතිවන බලපෑම් ගැන සලකා බැලීම ඇය අවධාරණය කරයි. ෂෙරංගි, තිරසාරත්වය සහ ප්‍රජා සහභාගීත්ව වැනි සංකල්ප වලට ඇගේ සහයෝගය දක්වන්නේ, සමාජ යහපත උදෙසා ව්‍යාපාර යොදා ගැනීමට හැකි බව ඇය විශ්වාස කරන නිසයි. ඇය වඩාත් හොඳ ලෝකයකට අර්ථවත් ලෙස දායක වීමට අන්‍යයන් බල ගන්වයි.

DSC_7971 (1)

ඩෙබ් එදිරිසිංහ

අධ්‍යක්ෂිකා

ඩෙබ් එදිරිසිංහ යනු ළමා සුභසාධනය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් විවෘතව කතාකරන පුද්ගලයෙකි. ඇය Child Action Lanka  ආයතනයේ නිර්මාතෘවරියයි. ඒ ආයතනය ඉහළ අවදානම් ස්ථාන අටක අවදානමට ලක්විය හැකි ළමුන් සඳහා ආරක්ෂිත ස්ථාන සපයයි. ඊට අමතරව ඇය Anugra Asia  හි අධ්‍යක්ෂ සහ Epiphany Trust  ආසියා අධ්‍යක්ෂ තනතුරද දරණ අතරම Global Goodwill Ambassadors සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන යයි. Lifetime Achievement Award (Women World Awards
2019), Zonta Centennial Award සහ
 World Zinta Awards 2019  හි වසරේ කාන්තා ව්‍යාවසායිකාව ඇතුළු විවිධ ඇගයීම් රැසක් ඇයට ලැබී තිබෙනවා. ඇය දැනට ඩර්හැම් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය්‍ය උපාධියක් හදාරනවා.

DSC_8103 (1)

ආචාර්ය ටාරා ද මෙල්

අධ්‍යක්ෂිකා

ආචාර්ය ටාරා ද මෙල් යනු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන චරීතයකි. ඇය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දියුණුවට ගත් උත්සාහය තුල දශක දෙකකට වඩා අත්දැකීම් සහිතය. ඇය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනුවෙන් ඉතසිතින් පෙනී සිටින අතරම පාසල් වල සහ විශ්වවිද්‍යාලවල ළමා ආරක්ෂාව සහ නවක වදය වැළැක්වීම සඳහා ද වෙහෙස මහන්සි වී කටයුතු කරයි. ඇයගේ සුවිශේෂී වෘත්තීය දිවිය තුළ වසර 20 ක් පමණ ශ්‍රී ලංකා රජයට සේවය කර අධ්‍යාපන අමාත්‍යවරයාගේ ලේකම්තුමිය ලෙස සහ ජනාධිපති අධ්‍යාපන උපදේශක ආදී ඉහළ පෙලේ තනතුරු ද හොබවා ඇත. එසේම ආචාර්ය ටාරා ද මෙල් ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සභාපති ලෙසද, සියලූ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා වූ ලෝක ව්‍යාප්ත කොමිසමේ සහ ගෝලීය අධ්‍යාපන අධීක්ෂණ වාර්ථාවේ යුනෙස්කෝ උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක්ද වේ. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ පදනම් කරගත් MD උපාධියක් සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් MPhil උපාධියක් ලබාගත් අතර, ‘Reforming Education: Challenges to Change ‘හි කතුවරියද වේ.