Tnf.a hq;=lu wjeis wjia:djla

එක්ව වැඩකිරීමෙන් අපට අපේ අධ්‍යාපන ක‍්‍රමයට පීඩාකරන රෝග ලක්‍ෂණ වලට ප‍්‍රතිකාර කර ඉදිරි පරම්පරාවන්ට දීපිත්මත් අනාගතයක් නිර්මාණය කිරීමට හැකිය. ඔබටත් අපේ ප‍්‍රයත්නයට එක් වී අපි සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරන ධනාත්මක වෙනස්කම් වලට දායක වන්න අපි ඔබට ආරාධනා කරන්නෙමු.

දත්ත රැස් කිරීම සහ විශ්ලේෂණ කිරීම, අපගේ ක්‍රමවේද පිරිපහදු කිරීම සහ අධ්‍යාපන අසමානතාවයන් මඟහරවා ගැනීමේ අපගේ මෙහෙවර තිරසාර බව සහතික කිරීම සඳහා අපි කැපවී සිටිමු. ශ්‍රී ලංකාවේ වර්ධන සැලැස්ම තුළ අපි සහයෝගිතාකරුවන් සමඟ සමාජ ආර්ථික අසමානතාවය, ගුරු හිඟය සහ පාසල් හැර යාමේ ඉහළ අනුපාතයක් වැනි ප්‍රධාන නිර්ණායක ආශ්‍රයෙන් ක්ෂේත්‍රයන් තෝරා ගැනීම සිදුවේ.

අපගේ මෙහෙවර ගැන සලකා බැලූ ඔබට අපගේ ස්තූතිය හිමිවන අතර, ඔබත් අපේ ගමනට එක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වේ.

Teach First Sri Lanka තුළ පැහැදිලි වර්ධන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර, ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාව පුරා වැඩි වැඩියෙන් පාසල් වෙත මෙම පරිවර්තනීය වැඩසටහන ගෙන ඒම අරමුණයි.

මෙම වර්ධනය මගින් Teach First Sri Lanka හට අධ්‍යාපන අසමානතාවයේ හිඩැස් පියවා ගැනීමටත්, රට පුරා සිටින දහස් සංඛ්‍යාත අවාසි සහගත දරුවන්ගේ ජීවිත පරිවර්තනය කිරීමටත් හැකි වනු ඇත.

wkq.%yh ±laúh yels wdldrh

orefjl= iún, .ekaùu

tla ^1& orejl=g tla ^1& jirla i|yd m%Odk úIhhka b.ekaùug iqÿiqlï ,;a .=rejrfhl= ,nd §ug

රුපියල් 30,000

iudcslhl= iún, .ekaùu

orejka 180 fofkl=g tla ^1& jirla i|yd m%Odk úIhhka b.ekaùug iqÿiqlï ,;a .=rejrfhl= ,nd §ug

රුපියල් 1,650,000

mdi,la iún, .ekaùu

isiqka 540 fofkl=g tla ^1& jirla i|yd m%Odk úIhhka b.ekaùug iqÿiqlï ,;a .=rejreka msßila ,ndoSu fuysoS isÿjkq we;'

රුපියල් 5,000,000

wmf.a kshuq jevigyk iún, .ekaùu

tla ^1& jirla i|yd úúO mka;sldur 90l" oyilg wêl isiqka ixLHdjl wOHdmkh Wfoid kjH wOHdmk{hska 15 fofkl= ,nd §ug'remsh

රුපියල් 25,000,000

සෑම ශ්‍රී ලාංකේය දරුවෙකුටම
ලෝක මට්ටමේ අධ්‍යාපනයක් ලැබිය යුතුය.

සහයෝගිතා වැඩසටහනට බැදෙන්න

ටීච් ෆස්ට් ශ‍‍්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනට බැඳී සියලූම ශ‍‍්‍රී ලාංකික දරුවන්ට එක හා සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අපගේ මහඟු‍ මෙහෙවරට එකතු වන්නට ඔබ අපගේ සාරධර්ම සහ දැක්ම දකින උද්යෝගිමත් පුද්ගලයෙකු නම් දරුවන්ගේ අධ්‍යාපනික සංවර්ධනය පමණක් නොවල ඔවුන්ගේ නිර්මාණශීලීත්වයල විවේචනාත්මක චින්තනයල සංනිවේදනය සහ සංවේදිතාවය වැනි පරිපූර්ණ කුසලතා සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටී නම් ඔබටත් මෙහිදී අවස්ථාවක් හිමිවෙයි.

සහයෝගිතා සාමාජිකයෙකු ලෙස ඔබ පාසලේ ඉගෙන ගන්නා පරිසරය සහ ප‍්‍රජාව වැඩිදියුණු කිරීමට ප‍්‍රමුඛ කාර්යභාරයක් සිදුකරයි. අපට අවශ්‍ය වන කුසලතා ඇති විශ්වවිද්‍යාල උපාධිධාරීන්, තරුණ වෘත්තිකයන් සහ නව්‍ය ගුරුවරුන් ආදී ඕනෑම කෙනෙකු අපි සාදරයෙන් පිළිගනිමු. අපත් සමඟ එකතුවීමෙන් නව්‍ය අධ්‍යාපනික ආකෘති සහ ක‍්‍රමවේද යොදාගෙන දහස් සංඛ්‍යාත සිසුන්ගේ අධ්‍යාපනික අවස්ථා පුළුල් කරන ඵලදායී ගුරුවරු සංචිතයක කොටසක් වන්න. අපගේ සාමාජිකයෙකු වී ශ‍්‍රී ලාංකීය දරුවන්ගේ ජීවිත වල ධනාත්මක වෙනසක් ඇති කිරීමට කැපවීමෙන් කටයුතු කරන්න.

TFSL හවුල්කාර සංවිධානයක් වන්න

අපගේ වත්මන් අධ්‍යාපන අර්බුදය තුල කෙටි කාලීනව සිසුන්ට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයකට අවස්ථාවක් තිබේ. අපේ බඳවා ගැනීම් පුහුණුව සහ උදව් වඩාත්ම අවශ්‍ය ග්‍රාමීය පාසල් වල සාමාජිකයින් ස්ථානගත කිරීම සඳහා සහය දීමෙන් අපට සැලකිය යුතු වෙනසක් කිරීමට හැකිවේ.

අපි ලාංකීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනස් කිරීමට කැපවී සිටින අතර, මෙම ඉලක්කයට ලඟාවීමට ආයතනික හවුල් කරුවන් සමඟ වැඩකිරීම වැදගත් පියවරක් බව අපි විශ්වාස කරමු. අප සමඟ හවුල් වීමෙන් ඔබට හෝ ඔබේ සංවිධානයට තිරසාර පලපෑම් ප්‍රවේශයක් තුළ මූලික මට්ටමින් අධ්‍යාපනයේ සැලකිය යුතු ධනාත්මක වෙනසක් සිදු කළ හැකි අතර, සියලූම සිසුන් ඉගෙනීමට, නායකත්වය දීමට සහ දියුණු වීමට සූදානම් බව සහතික කළ හැකිය. ඉතින් ඔබ ලංකාවේ සිසු සිසුවියන්ගේ ජීවිත වල අර්ථවත් වෙනසක් ඇති කිරිමට ක්‍රමයක් සොයනවානම් ආයතනික හවුල්කරුවෙකු ලෙස අපත් සමග එක්වන්න.

TFSL සාමාජිකයෙකු වන්න

TFSL සාමාජිකයෙකු ලෙස, අධ්‍යාපනය සඳහා ඔබේ ආශාව බෙදා ගන්නා විවිධ අධ්‍යාපනඥයින්, ස්වේච්ඡා සේවකයන් සහ ආධාරකරුවන් සමඟ සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ලැබේ. ඔබට අදහස් හුවමාරු කර ගැනීමට, ව්‍යාපෘති සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ අර්ථවත් සබඳතා ගොඩනගා ගත හැකි සුවිශේෂී සිදුවීම්, ජාලකරණ අවස්ථා සහ සබැඳි සංසද වෙත ප්‍රවේශය ඇත.

අපගේ වෙනස් කරන්නන්ගේ ප‍්‍රජාවට සම්බන්ධ වීමෙන් ඔබ සියලූ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අපගේ හවුල් දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා උද්‍යෝගිමත් සහ කැපවූ වෘත්තිකයන්ට සහාය වනු ඇතග ඔබේ වාර්ෂික දායක ගාස්තුව මගින් ඔබ සාඩම්බර සාමාජිකයෙකු බවට පත් වන අතර පාසල්, සිසුන්, සහ සාමාජිකයින්ගේ සාර්ථකත්වයට දායක වීමට ඔබට අද්විතීය අවස්ථාවක් ලැබේ.

TFSL සමග වෙනසක් ඇතිකරන්න

ඔබ සොයන්නේ ලංකාවේ සිසුන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇතිකරන ක්‍රමයක්ද? ඔබත් අප සමඟ එක් වී රටෙහි අධ්‍යාපනය පරිවර්තනය කරන මෙහෙවරට දායකවීම සඳහා ඕනෑම තරාතිරමක පුද්ගලයන් සාදරයෙන් පිළිගනිමු. ඔබට පරිත්‍යාග කිරීමෙන්, ස්වේච්ඡා සේවකයෙකු ලෙස වැඩ කිරීමෙන් හෝ අපගේ වැඩසටහන්වලට සහය වීමට ඔබේ දැනුම සහ ප‍්‍රවීණත්වය බෙදා ගැනීමෙන් දායක විය හැක. කාලය සහ කුසලතා භාවිතා කිරීමෙන් හෝ අපගේ වැඩසටහන් වලට සහය වීමට ඔබේ දැනුම සහ ප්‍රවීණත්වය බෙදාගැනීමෙන් උපකාර ක හැකිය. ඔබේ සහයෝගය සමඟ අපට අඛණ්ඩව දක්ෂ පුද්ගලයින් බඳවා ගෙන පුහුණු කර වැඩිම අවශ්‍යතා ඇති ග්‍රාමීය පාසල්වල ස්ථාන ගත කිරීම සිදුකල හැකිය. අදම අපත් සමඟ එක් වී වත්මන් අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා කොටස්කරුවෙක් වන්න. ලංකාවේ සෑම සිසුවෙකුටම ඉගෙනීමට නායකත්වය දීමට අවස්ථාවක් උදාකරගත හැකි බවට අපි සහතික වන්නෙමු.