TFSL වැඩසටහන

mka;s ldurfha iy mdi,a m%cdj ;=< fjkialï lrkakka njg m;aùug wms ;reK kdhlhska ixj¾Okh lruq'

වෙනස් වීමට ඇති ආශාව ක්‍රියාවෙන්
බල ගැන්වෙන වෙනසක් ඇති වේ.

TFSL සහයෝගිත්වය හරහා එන අපේ සාමාජිකයින් විසින් ග‍්‍රාමීය පාසල් වල අවුරුදු දෙකක් උගන්වා ඒ ප‍්‍රජාවන් තුල වෙනසක් සිදු කිරීමට බැඳී සිටියිි. තවද අපගේ සහයෝගිතා වැඩසටහන ඉතා උසස්ව හා ජාත්‍යන්තරව පිළිගත් ගුරු නායකත්ව වැඩසටහනක් වන අතර, එම සාමාජිකයින් විසින් ඔවුන්ගේ සිසුනට අධ්‍යයන ජයග‍්‍රහණ සමගම 21 වෙනි සියවසට වැදගත් වන කුසලතා ගොඩනගන තිරසර වෙනසක් සිදුකරන පරිපූර්ණ අධ්‍යාපනයකට සූදානම් කරනු ලබයි.

ටීච් ෆස්ට් ශ‍්‍ර‍්‍රී ලංකා Teach First Sri Lanka (TFSL) අපි වැඩකරන්නේ TFSL වසර දෙකක් තුල ශ‍්‍රී ලංකාව පුරා පාසල් වල සිදුකල විමර්ශන වලට අනුවයි. ලෝකයේ හොඳම අධ්‍යාපන ක‍්‍රමවේද ලංකාවේ අඩු පහසුකම් ඇති පාසල් වලට සුදුසු ලෙස සකස් කිරීමෙන්, අපි අවුරුදු දෙකක් තුල අධ්‍යපනඥයින් සමග ලංකාවේ අවම පහසුකම් ඇති පාසල් සොයා බලා දරුවන්ට අවශ්‍ය දේ මොනවාදැයි දැනගත්තෙමු. පසුව අපගේ ආදි ශිෂ්‍යයින් සමඟ සමීපව කටයුතු කර, අධ්‍යාපන ප‍්‍රජාව තුල සහ ඉන් ඔබ්බටත් නව නායකත්ව අවස්ථා වැඩි කිරීම සිදු කරනු ලබයි. අපගේ සහයෝගිත්වයේ සාමාජිකයින්ට ප‍්‍රජානායකයන් ලෙස සියලූම දරුවන්ට ඔවුන්ගේ සමාජ ආර්ථික පසුබිම කුමක් වුවත් සැමට විවෘත ගුණාත්මක සර්ව සම්පූර්ණ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය හැකියාවන් සහ නිපුණතා නිර්මාණය කරයි.

iyfhda.s;d jevigyk

ටීච් ෆස්ට් ශ්‍රී ලංකා Teach First Sri Lanka (TFSL)  සහයෝගීතාවයට බැඳී ලාංකීය දරුවන්ගේ අධ්‍යාපනයට විශාල රුකුලක් ඔබේ වෘත්තීය දිවියට ආලෝකයක් වන නායකත්ව අත්දැකීම් සේම ඔබට ලැබෙන උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය කුසලතා වර්ධනය කර ගන්න. 

TFSLසහයෝගීතා වැඩසටහන ජාත්‍යන්තරව පිළිගත් උසස් ගුරු නායකත්ව වැඩසටහනකි. සාමාජිකයින් සති හයක නේවාසික පුහුණුවකට වී ඉන්පසුව සම ශිෂ්‍ය ශිෂ්‍යා උපදේශන සහ විධිමත් වෘත්තීය සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වේ. පසුව ඔවුන් සඳහා වෘත්තීය දේශිය සහ විදේශීය සහකරුවන්ගේ සහය ලැබෙන අතර, ඔවුන්ට මුහුණට මුහුණ හෝ අන්තර්ජාලය හරහා සංවර්ධන වැඩසටහන් වලට සහ විදෙස් සාමාජිකයින්ට සම්බන්ධ වීමට අවස්ථාව උදාවනු ඇත. අපේ ඉලක්කය ප‍්‍රායෝගික අත්දැකීම් තුළින් ඉගෙනීම මගින් නායකත්ව කුසලතා ගොඩනඟා හුදු රාජකාරියකට එහා ගිය ගුරු නායකයින් බිහි කිරීමයි.

සාමාජිකයින්ට දිනපතා සතිපතා පුරුදු උපදේශණ පුහුණුකරුවන්ගෙන් ද අනෙක් සාමාජිකයින්ගෙන් ද ජාලයේ උපදේශකයින්ගෙන් ද අනුබල ලැබෙන බවට අපි සහතික වන්නෙමු. ඔවුන් අධ්‍යපනඥයින් සහ අධ්‍යාපනය වෙනුවෙන් නැගී සිටින අය බවට පත්වනවා පමණක් නොව, පාසල් ප‍්‍රජාව තුල වෙනසක් ඇති කිරීමට මහඟු දායකත්වයක් ලබා දෙයි.

Fellowship Alumni Pathways හරහා අපේ ආදි සිසුන්ට සහයෝගිතා වැඩසටහනෙන් පසුවත් අධ්‍යාපනයේ හෝ වෙනත් මාවතක තම නායකත්ව ගමන යෑමට සහයෝගය ලබා දෙයි.

සහයෝගිතා සාමාජිකයින්ගේ හැකියාවන් යොදාගනිමින් අධ්‍යාපන පද්ධතියේ වෙනසක් සිදුකිරීමට හැකි ගුණාත්මක බලපෑමක් ඇති කරන්නෙමු. අප තිරසර පැවැත්මට කේන්ද්‍රගත වන්නේ, සිසුන් යොදාගෙන අපේ සහකරුවන් සමඟ එකට වැඩකර, නවොත්පාදනයගෙන් සහ ධනාත්මකව දිරිමත් කිරීම තුලිනිි.

අපි එක් වී වෙනසක් ඇති කරමු.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා අපි වෙනසක් ඇති කරන්නේ කෙසේද?

තිරසර සංවර්ධන ඉලක්ක 4 සමඟ පෙළගැස්ම

අපගේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා මෙම සහායත්ව වැඩසටහන, එක්සත් ජාතීන්ගේ 4 වැනි තිරසර සංවර්ධන ඉලක්කය වන ගුණාත්මක අධ්‍යාපනයේ වැදගත්කම යන ඉලක්කය සමඟ පෙළගස්වා ඇත. සහායත්වයට නිර්මාණ චින්තන ක්‍රමය ඒකාබද්ධ කර ඇත්තේ එය සමාජ නවෝත්පාදනය සඳහා ප්‍රවේශයක් ලෙසයි. සහායත්වය තුලදී තිරසර සංවර්ධන ඉලක්ක වලට සම්බන්ධ අදහස් නිර්මාණය කර ඒවා සාධාරණීකරණය කිරීම සාමාජිකයින්ගෙන් බලාපොරොත්තු වේ. 

TFSL අපි සහයෝගිතා වැඩසටහන තුලිත් සහ ඉන්පසුවත් තිරසර සංවර්ධන ඉලක්ක සහ ඒවා ලංකාවේ අධ්‍යාපනික ගැටළු විසඳීමට යොදා ගත හැකි ආකාර පිළිබඳව සාමාජිකයින් දැනුවත් කිරීමට කැප වී සිටින්නෙමු. මේ අනුව සාමාජිකයින්ට සහායත්වයෙන් පසුවත් ඔවුන්ගේ සමාජ නවෝත්පාදන ව්‍යාපෘතිවල දිගුවක් ලෙස දිගටම තිරසර සංවර්ධන ඉලක්ක මත බලපෑම් ඇති කිරීමට හැකි වනු ඇත.

අපගේ අපේක්ෂාව වනුයේ මෙම ව්‍යාපෘතිය තුලින් හොඳම සැකසීමට සිසුන්ගේ අදහස් කිහිපයක් ක්‍රියාශීලීව ක්‍රියාත්මක වන අනෙකුත් තිරසර සංවර්ධන ඉලක්ක වලට දායක වීමට පෙළඹවීමයි.