අපි මොනවද කරන්නේ?

TEACH FIRST SRI LANKA
නියමු වැඩසටහන

“මට ඇත්තටම ඕන වුණේ ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඒත් අපිට පාසලේ විද්‍යා ගුරුවරයෙක් නෑ. ටියුෂන් පන්ති යන්න ම්ට සල්ලිත් නෑ.(කදුලු පිරි ඇස් වලින්)ඒ නිසා මට මගේ හීනය අතහරින්න සිදුවුණා.”

– මඩකලපුවේ සිසුවෙකුගේ සටහනනක්

TFSL එක් වසරක සහයෝගිතා වැඩසටහනක් මඩකළපුව දිස්ත‍්‍රික්කයේ එරාවුර් පත්තු කොට්ඨාශයේ ආරම්භ කිරිමට නියමිතයි. එරාවුපත්තු කියන්නේ මඩකළපුව නගරයේ සිට කිලෝමීටර 9ක් දුරින් පිහිටි කොට්ඨාශ 4න් එකක් වන අතර, එහි තවමත් උග‍්‍ර විද්‍යා, තාක්ෂණ, ගණිත, ඉංග‍්‍රීසි ගුරුවරුන්ගේ හිඟයක් පවතී. එමනිසා මෙම කොට්ඨාශයට ඉතා කඩිනමින් අධ්‍යාපනික සහාය අවශ්‍යව තිබෙනවා. දැනට මේ ප‍්‍රදේශයේ පාසල් 68ක සිසු සිසුවියන් 10,000 කට පමණ ඉගැන්වීමට සිටින්නේ ගුරුවරුන් 900ක් පමණයි.

TFSL සහයෝගිතා වැඩසටහන හරහා එහි සාමාජිකයින් 15 දෙනෙකු එරාවුපත්තු කොට්ඨාශයේ පාසල් 5කට පත්කරනු ලැබේ. ඔවුන් ඵලදායී ඉගැන්වීමේ හිඟයක් ඇති ස්ථාන ඉලක්ක කරමින් ඉංග‍්‍රීසි, ගණිතය, විද්‍යාව, ව්‍යපාර අධ්‍යයනය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සිසුන්ට උගන්වන්නේ එම සිසුන් තව තවත් ඔවුන්ගේ උසස් පෙළ අධ්‍යාපන සහ වෘත්තීන් තුළ විද්‍යා, වාණිජ, සහ තාක්‍ෂණ විෂය ධාරාවන් හැදෑරීමට පෙලඹවීමේ අදහසිනි. ගුණාත්මක බවෙන් ඉහළ අධ්‍යාපනයකට අවස්ථාව ලබාදීමෙන් අපි අපේක්ෂා කරනුයේ වෙනත් අධ්‍යාපන ධාරා සඳහා අවස්ථාව නැති හේතුවෙන් උසස් පෙළ සිසුන්ගෙන් 70‍්‍ර කට වැඩි ප‍්‍රමාණයක් කලා විෂය ධාරාවන් හදාරණ මේ පාසල් පහේ 6 සිට 9 ශ්‍රේණිවල සිසුන් 108 දෙනෙකුගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කරලීමටයි.

ඵලදායි ඉගැන්වීමක් හරහා අපි මෙම සිසුන්ගේ අධ්‍යයන හා ජීවන අවශ්‍යතාවලට පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දෙන්නෙමු. ඔවුන්ට විවේචනාත්මකව සිතීමට, නිර්මාණාත්මකව ගැටළු විසඳීමට, ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට, ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට සහ හැඟීම් කළමනාකරණය කිරීමට හැකිවීමෙන් අනාගතයේ දී දියුණුවීමට අවස්ථාව උදාවේ.

මිනිසුන් මිනිසුන්ට උපකාර කරන විට,
වෙනසක් සිදු වේ