හිතවත් මිතුරණි,

ටීච් ෆස්ට් ශ්‍රී ලංකා Teach First Sri Lanka (TFSL) වෙබ් අඩවියට පැමිණීම ගැන සහ ළමා අධ්‍යාපනය නැංවීමේ අපේ උත්සාහයට ඔබත් එකතුවීම පිළිබඳව තුති පුදන්නෙමු. අපි පළපුරුදු අධ්‍යාපකයින්, ප්‍රතිපත්ති සකස් කරන්නන්, තාක්ෂණවේදීන් සහ සමාජ ව්‍යවසායකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් වෙමු. අපි බහුවිධ පසුබිම් වලින් පැමිණියත්, පළපුරුදු අධ්‍යාපනඥයින් වන අතර, සමාජයේ වෙනසක් ඇති කරන්නන් සහ ප්‍රතිපත්ති සකස් කරන්නන්, තාක්‍ෂණවේදීන් සහ සමාජ ව්‍යාවසායකයින් ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වන අතර, අපේ පොදු අරමුණ වන්නේ ක්‍රියාවෙන් සැබෑ වෙනසක් බලගැන්වීමයි.

අපගේ මෙහෙවරට ජීවය ලබාදීමට ඔබගේ උපකාරය ඉතා අගනේය. මෙය සීඝ‍්‍රයෙන් වෙනස්වන ලෝකයක අභියෝග වලට මුහුණ දීමට අවශ්‍ය චින්තවේගී හා සංජානන මෙවලම් වඩාත්ම අවධානමකට ලක්විය හැකි දරුවන්ට ලබාදෙන්නට ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමයට බලපාන මූලික ගැටළු ගැන සිතා බැලීමට කෙරෙන ආරාධනයකිි. අපගේ මෙහෙවර වන්නේ සෑම ශ‍්‍රී ලාංකික දරුවෙකුටම කුමන සමාජ ආර්ථික පසුබිමකින් පැමිණියත් කටපාඩම් කිරීමට වඩා විවේචනාත්මක චින්තනය සහ නිර්මාණශීලීත්වය තුලින් දිරිමත් කරන පරිපූර්ණ අධ්‍යාපනයක් ලබා දීමයි.

අපේ අධ්‍යාපන ක‍්‍රමයේ ඉරිතලා ගොස් ඇති තැන් සුවපත් කිරීමට අපි එක්ව සාමූහික දිගුකාලීන සහ එක එල්ලයකට යොමු කළ උත්සාහයක් ගතහොත් අපට වෙනසක් කිරීමට හැකිබව අපි විශ්වාස කරන්නෙමු. අපි මේ ගමන යන්නේ එකටයි. අපේ උත්සාහයේ ඵල දකින්න බොහෝ කාලයක් වෙහෙසවීමට සිදුවේ. එය කල හැකි බව අපි තරයේ විශ්වාස කරන්නෙමු. මෙවැනි සාර්ථකත්වයන් ටීච් ෆෝ ඕල් (Teach For All) ජාලයේ ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය වැනි රටවලින් දැක ඇත්තෙමු.

wms orejkag ijka fouq

ටීච් ෆෝ ඕල් ජාලය (Teach For All Network) ලොව පුරා ක‍්‍රියාත්මක වන ආකාරය සඳහා සවන්දීම මූලික වේ. අපි පසුගිය වසර දෙකක් පුරා ලාංකීය අධ්‍යාපනයේ පැළුනු තැන්වලට සවන් දුන්නෙමු, පර්යේෂණ කලෙමු, අධ්‍යයනය කලෙමු. ඒ පැළුම් අතරට අපගේ් දරුවන් වැටෙන ආකාරය හොඳින් තේරුම් ගත්තෙමු. මඩකලපුවේදී සියැසින් දුටුවෙමු. උගන්වන ආකාරයේ වෙනස්කමක් කිරීමෙන් ගුරුවරුන්ට හා විෂයයන්ට දරුවන් ප‍්‍රතිචාර දක්වන ආකාරයට ධනාත්මක බලපෑමක් කිරීමට හැකි ආකාරය විශ්ලේෂණය කලෙමු. (විශේෂයෙන් විද්‍යා, තාක්ෂණ, ගණිත සහ ඉංග‍්‍රීසි විෂයන් වලදී*.

වඩාත්ම නොසලකා හරින ලද ප‍්‍රජාවන් තුලින් ආරම්භ වන අපගේ මෙහෙවර, ප‍්‍රතිපත්ති මට්ටමින් ක‍්‍රමානුකූල වෙනසක් කරා ගමන් කරයි. එය දිගු ගමණක් නමුත් ජනවාර්ගිකත්වය, පන්ති සහ කුලය වටා ඇති සමහර අප‍්‍රසන්න සත්‍යයයන් වලට පිළිතුරු දීමට සහ එක් ප‍්‍රජාවක් නොසලකා හැරීම සමස්ථ ශ‍්‍රී ලාංකීය සමාජයම නොසලකා හැරීමක් හා සමාන බව තේරුම් ගැනීමට අවශ්‍ය ගමනක් බව අප විශ්වාස කරන්නෙමු. අන්තර්ජාතික මට්ටමේ සර්ව සාධාරණ සහ සංවේදී ශ‍්‍රී ලාංකික අධ්‍යාපන ක‍්‍රමයක් විසින් සෑම දරුවෙකුටම ඔවුන්ගේ පසුබිම කුමක් වුවත් බුද්ධිමය සංවර්ධනය උදෙසා එක හා සමාන මාර්ගයක් ලබා දීම ඉතාම වැදගත් වේ.

අපගේ මෙහෙවරෙහි සඳහන් තවත් කරුණක් නම් දිගු කලක් තිස්සේ අධ්‍යාපනික සම්පත් හිඟ වූ ප‍්‍රජාවන්ගේ හ`ඩට අවධානය යොමු කර අනාගතය සඳහා අපගේ දරුවන් සූදානම් කරන ආකාරය කෙරෙහි බලපෑමක් කිරීමට ඔවුන්ට අවකාශය ලබාදීමයි. අපි වැඩකරන්නේ රික්තයක නොවෙයි. ශ‍්‍රී ලංකාවේ ළමා අධ්‍යාපනය අසාර්ථක කරන සමහර පද්ධතිමය දෝෂ හා අසමානතා දෝෂ කළාපයේ අපේ අනෙකුත් සගයන් සහ හවුල් කරුවන්ටත් විසඳීමට සිදු වී ඇත. අපි ඔවුන්ගේ ජයග‍්‍රහණ වලට සවන් දී ඉන් ඉගෙන ගෙන ශ‍්‍රී ලංකාවේ පන්තිකාමරවල දරුවන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි ඔවුන්ට උගත හැකි දේ සකස් කරන්නෙමු.

සමාජයේ වඩාත්ම අවදානමකට ලක්වෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ගැටළුවට තනි විසඳුමක් නැති බව අපි දන්නෙමු. නමුත් අපගේ අධ්‍යාපන ක්‍රමයේ අභිවෘද්ධිය සහ නිරන්තර වැඩි දියුණුව සඳහා එක්ව ක්‍රියා කරන සමාජයකට පමණයි අදත් හෙටත් කුඩා දරුවන්ගේ චිත්තවේගිය හා බුද්ධිමය අවශ්‍යතා සපුරාලීම සහතික කරන්න හැකි වනුයේ. එබැවින් අපේ ජාතික අධ්‍යාපන ක්‍රමය ගැන සාමූහික විඥානයක් ඇති කිරීමත්, සෑම ලාංකික දරුවෙකුටම සුදුසු අධ්‍යාපනයක් ලබා දීමට නැඹුරු කරවීමත් අත්‍යාවශ්‍ය කාර්ය්‍යයක් වනු ඇත.

අපි ඔබට ආරාධනා කරන්නේ ලංකාව පුරා සිටින සියලූම දරුවන්ගේ පන්ති කාමරය ඇතුලත සහ ඉන් පිටත ජීවිත වල අර්ථවත් සහ තිරසර බලපෑමත් ඇති කිරීමේ අපගේ මෙහෙවරට අප හා එක්වන ලෙසයි. අපි එක්සත්ව වැඩ කලහොත් අධ්‍යාපන අර්බුදය විසඳීමට සහ සෑම දරුවෙකුටම ඔවුන්ගේ හැකියාවන් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව ලබා දීමට අපට හැකි වනු ඇත.

මීට විශ්වාසී,

ඩේවිඩ්.

 

මිනිසුන් මිනිසුන්ට උදව් කරන විට,
වෙනසක් සිදු වේ