අධ්‍යාපන අර්බුදය

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය දරුවන් මිලියන ගණනකට ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය අධ්‍යාපනික අවස්ථාව ලැබී නොමැත. ටීච් ෆස්ට් ශ‍්‍ර‍්‍රී ලංකා Teach First Sri Lanka (TFSL)  ඉලක්ක කරන්නේ මේ අර්බුදයට හේතු වන රටේ අධ්‍යාපන පද්ධතියේ ගැටළු විසඳීමයි.

අධ්‍යාපනය රටේ අනාගත සාර්ථකත්වයට ඉතා වැදගත් වුවත් එයට ලැබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2‍% ක් වැනි සුළු ප‍්‍රමාණයක් පමණි. ශ‍්‍රී ලංකාව වගේම අනෙකුත් මධ්‍යම ආදායම් ලබන රටවල් සාමාන්‍යයෙන් දල දේශීය නිෂ්පාදිතයෙන් 4‍% ක ප‍්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරයි. අධ්‍යාපන පද්ධතියට බලපාන දුප්පත්කම, සාගින්න සහ ආර්ථික වෙනස්කම් වැනි දෑ තුලින්් ප‍්‍රශ්ණය තවත් නරක අතට පත්කරනු ලබයි.

සමාජයේ අඩු පහසුකම් දරුවන්ට ජීවිතය විඳීම සඳහා සාධාරණ අවස්ථාවක් ලැබී නොමැත. කෝව්ඞ් වසංගතය හේතුවෙන් දරුවන්ගේ වැඩෙන වයස්වලට බාධා පැමිණීමේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර වටිනා මානව සම්පත රට හැර යාමෙන් ඉගැන්වීමේ පළපුරුදු වෘත්තිකයන් දරුවන්ට අහිමි වී ඇත.

මෙම තත්ත්වය අප රටෙහි නවෝත්පාදනයන් සිදු කරන තරුණ තරුණියන්ට අනාගත ආර්ථික අවස්ථා ලබාදීමට සහ පවතින සමාජ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ඇති හැකියාවට දිගුකාලීන බලපෑමක් ඇතිකරයි.

අපේ දරුවන්ට මීට වඩා හොද සැළකිල්ලක් දක්වමු.

වෙනස් වීමට ඇති ආශාව ක්‍රියාවෙන්
බල ගැන්වෙන වෙනසක් ඇති වේ.